Wednesday, June 7, 2017

සුපෙම් හැඟුම් ඔබෙන් එපා : අර්ථයත් සමග

ගීතයට හඬ මුසු කරන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකරයන්ය. ගීතය අප වෙත ගෙන එන්නේ සාමාන්‍යෙයන් අප අත්විඳින සිදුවීමකි. ඒ මිතුරු පෙමයි. පාසැලේ සරසවියේ සිට දක්නට ලැබෙන මිතුරු පෙම බොහෝ විට තාවකාලිකය. තම මිතුරියක් කෙරෙහි ප්‍රේම හැඟීමක් ඇති වී නොදැනීම මිතුරුකම වෙනත් අන්තයක් කරා යයි. බොහෝ විට ඇයගේ සිත් ඇදගන්නා රූ සපුවට වශී වී හෝ වෙනත් විශේෂ ලක්ෂණයකට ආකර්ෂණය වී මිතුරුකම මිතුරු පෙමක් දක්වා යයි. නමුත් පෙමක් ඇති වූ පමණින් එය විවාහයෙන් අවසන් නොවනු ඇත. විවාහය කරා යන කල සමාජය විසින් බාධක වැට කඩුළු රැසක් ඉදිරිපත් කරයි. බොහෝ විට සමාජ තත්ත්වය, පවුල් පසුබිම වැනි දෑ මෙයට බලපායි. එවන් තත්ත්ව මත මෙහි කථානායකයා හා කථානායිකාව අතර විශාල පරතරයක් ඇත. පෙම යනු හදවතට බැඳුනු දෙයකි. එවන් මතකයන් හදවතින් මැකිය නොහැක. එහෙයින් අප අතරේ මිතුරුදමට එහා ගිය පෙමක් ඇතිකර ගැනීම නුසුදුසු බව ඇය පවසයි.

සුපෙම් හැඟුම් ඔබෙන් එපා


මිතුරු දම් විනා


නෞකාවකි ඔබ ඈත සමුදුරේ


මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ ... //

මහ සයුරේ පාවෙන නෞකාවක් හට ගොඩබිමේ ඇති ප්‍රදීපාගාරයක් දර්ශනය වුවද කවදාවත් නෞකාවට පහන් කණුව වෙත යාත්‍රා කිරීමට නොහැකිය. එනම් කිසිදාක එක්වීමක් සිදු නොවේ. කළ හැක්කේ ඈත සිට බලා හිඳීම පමණි.

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ


දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්


කිසි දින අප හමු නොවන බව දනිම්


සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

තරු එළිය එතරම් ප්‍රභල නොවේ. එම එළියෙන් මඟ හරි හැටි සොයාගෙන යාම අපහසුය. එසේම මා ද හරිහැටි මඟක් නොදැන මේ දුරු ගමන තනිවම යමි. මට ඔබේ අලෝකය ලැබුණද මා යා යුත්තේ දියඹටය. ගොඩබිම සිටින ඔබ වෙත පැමිණිය නොහැකිය. එබැවින් අපේ සිහිනය මෙලෙසම මිය යා යුතුය.

පෙරයුරු සැඟවෙන මොහොතක තනි වී


ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්


ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා


නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්


නමුත් එසේ සිහිනය මිය යාමට ඉඩ දිය හැකිද. අතීතය නැවත නැවතත් සිහියට නැගෙයි. එම මතකයන් තුළ සැඟවී තනිවම දුකට තුරුළු වී සිටිමි. ඒ සොඳුරු දසුන ඉතා මනරම්ය. යළිත් ඔබ දැක ගැනීමටම මඟ බලා සිටිමි. . .


බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ

බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

ගායනය: පණ්ඩිත් අමරදේව සහ උමාරියා
පද: ජනක සිරිවර්ධන
තනු :අරුණ ගුණවර්ධන


Tuesday, June 6, 2017

ඉලන්දාරියෝ - සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා

පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා..
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා..
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා...
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...//

හිනාවෙන් එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා..
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා..
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...

පුංචි වදේ රංචු ගැහෙන....//

හිත රිදවන කතා ගොතා කියන්නට එපා...
මගේ කඳුළු මට වැඩි නැ සිඹින්නට එපා...
අහසින් තරු කඩා වැටී හිතන්නට එපා..
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා..
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...

පුංචි වදේ රංචු ගැහෙන....//

ගායනය : සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා
පද රචනය : සමන් එදිරිමුනි
සංගීතය : තිලිණ රුහුණගේ 

Sunday, June 4, 2017

වී පැදුරෙන් ඉගිලී යන


වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් //

ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්
නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින්

වී පැදුරෙන්....

ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම්
පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් 

වී පැදුරෙන්....

ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං
තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්

වී පැදුරෙන්.... //