Monday, November 13, 2017

Obe aadare maha saagare - ඔබේ ආදරේ මහා සාගරේ

ඔබේ ආදරේ මහා සාගරේ 
හා සමානයි කියූවත් ලඳේ
සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා 
සිතාගන්නේ මා කෙලෙසදෝ //

දුකේදී හඩාවී සැපේදී සිනාවී
රැදේවි මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ......

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳීමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ ආදරේ......

Artist/s : Somasiri Madagedara

Thawa Eka Sarayak - තව එක සැරයක්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්..
ඔබට ආදරෙයි මං..
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
කුමක් කරන්නද මං..
ඔබට ආදරෙයි නම්..

විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
එක මලකට පෙම්කරමි සිතින්..
නෙළන්න ආසයි දෝතින් ඒ මල..
මගේම වන්නට හැමදාමත්..

පාළුව තනිකම මට වද දෙන විට..
කෙලෙසද මා එය ඉවසන්නේ..
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..

Artist/ Lyrics/ Melody: Roshan Fernando