Saturday, March 24, 2018

විරාග රාගය-අමරසිරි පීරිස්, අමල් පෙරේරා

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා 
ඈ මුකුලිත වූවා

කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා 
ඈ අසරණ වූවා

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා

ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා 
ඈ මවෙතට ආවා

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ගායනය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගී පද - බන්දුල නානායක්කාරවසම්

Monday, November 13, 2017

Obe aadare maha saagare - ඔබේ ආදරේ මහා සාගරේ

ඔබේ ආදරේ මහා සාගරේ 
හා සමානයි කියූවත් ලඳේ
සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා 
සිතාගන්නේ මා කෙලෙසදෝ //

දුකේදී හඩාවී සැපේදී සිනාවී
රැදේවි මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ......

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳීමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ ආදරේ......

Artist/s : Somasiri Madagedara

Thawa Eka Sarayak - තව එක සැරයක්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්..
ඔබට ආදරෙයි මං..
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
කුමක් කරන්නද මං..
ඔබට ආදරෙයි නම්..

විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
එක මලකට පෙම්කරමි සිතින්..
නෙළන්න ආසයි දෝතින් ඒ මල..
මගේම වන්නට හැමදාමත්..

පාළුව තනිකම මට වද දෙන විට..
කෙලෙසද මා එය ඉවසන්නේ..
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..

Artist/ Lyrics/ Melody: Roshan Fernando

Tuesday, October 31, 2017

Ma eda kiyu de මා එදා කියූ දේ - Prince udaya priyantha ප්‍රින්ස් උදය ප්‍රියන්ත

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි

කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළ‍ඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ

මා එදා කියූ දේ...

ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ

මා එදා කියූ දේ...

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

Tuesday, October 17, 2017

Mathu sasare මතු සසරේ - Ashen silva අශේන් සිල්වා

හිම කැට වර්ෂා වහින තුරා
කළුවර මේ අහස පුරා
පායා ඇති සද පරදවනා
දෙවගනකී මට ලැබිලා...

මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //

සියුම් සිනිදු මල් රොදක් වගේ
ඔබේ ලමැද නිදනා
අකීකරුයි අද හිතත් මගේ
ඔබේ පහස විදිනා...

මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //

පෙමින් වෙලුනු මන්දිරේ ඔයා
මගෙ බිසව වූ දා
සිනා කදුලු නෙතු අගට වෙලා
සතුටු උන මා හා...

මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //

හිම කැට වර්ෂා වහින තුරා
කළුවර මේ අහස පුරා
පායා ඇති සද පරදවනා
දෙවගනකී මට ලැබිලා...

මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //

Monday, October 16, 2017

Shungariye ශෘංගාරියේ - Rahal Alwis රහල් අල්විස්

හිමිවෙන්න ආයේ පැතුමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයි ඒ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි උනා
ජීවිතේ මාගේ රැකගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...

රිදවාලා හඩවාපු ශෘංගාරියේ
අදවාගෙ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජීවිතේ
සතුටින් ද ඉන්නේ ඔයා
මo තාම දුක් විදිනවා...
මo තාම දුක් විදිනවා...

රෑ පුරා හීනෙන්
තාමත් මැවෙන්නේ
ඔබ රූපෙමයිනේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජීවිතේ මාගේ රැකගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...

රිදවාලා හඩවාපු ශෘංගාරියේ
අදවාගෙ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජීවිතේ
සතුටින් ද ඉන්නේ ඔයා
මo තාම දුක් විදිනවා...
මo තාම දුක් විදිනවා...

කොච්චර හුගක් කල්
ලන්වෙන්න පැතුවත්
ඉන්නේ ඔයා අද අන්සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වූ නිසා
හිමිවෙන්න ආයේ පැතුමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයි ඒ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි උනා
ජීවිතේ මාගේ රැකගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...

රිදවාලා හඩවාපු ශෘංගාරියේ
අදවාගෙ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජීවිතේ
සතුටින් ද ඉන්නේ ඔයා
මo තාම දුක් විදිනවා...
මo තාම දුක් විදිනවා...

Saturday, September 30, 2017

ඔබ ලඟින් ඉන්න බැහැනේ - ගයනි මදූෂා

ඔබ ලඟින් ඉන්න බැහැනේ ඇය ඔබ ලඟම නිසා
ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා
මගේ ආදරේ ඔයානේ එය දන්නවනේ ඔයා
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැති වෙලා

ඔබ නොදැක ඉන්න බැහැනේ තනිකමෙන් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුළු පිරෙනවා
මට නොදැක ඉන්න බැහැනේ තනිකමෙන් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුළු පිරෙනවා
සිත ඔබට දීලා මගේ තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා

ඔබ ලඟින් ඉන්න.....

මට කවුරුවත්ම නැහැනේ ඔබ විතරමයිනේ ඉන්නේ
ඔබ නොලැඛෙන බව දැනගෙන ආදරේ කරනවා //
මුලූ ලොවම මාගේ ඔබනේ මම නෙමෙයි ඔබගේ ලොකේ
මගේ හුස්ම යන තුරා ඔබ හට ආදරේනේ මා

ඔබ ලඟින් ඉන්න.....