හිම කැට වර්ෂා වහින තුරා
කළුවර මේ අහස පුරා
පායා ඇති සද පරදවනා
දෙවගනකී මට ලැබිලා...
මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //
සියුම් සිනිදු මල් රොදක් වගේ
ඔබේ ලමැද නිදනා
අකීකරුයි අද හිතත් මගේ
ඔබේ පහස විදිනා...
මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //
පෙමින් වෙලුනු මන්දිරේ ඔයා
මගෙ බිසව වූ දා
සිනා කදුලු නෙතු අගට වෙලා
සතුටු උන මා හා...
මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //
හිම කැට වර්ෂා වහින තුරා
කළුවර මේ අහස පුරා
පායා ඇති සද පරදවනා
දෙවගනකී මට ලැබිලා...
මතු සසරේ නැවත ඔයා
මේ අයුරින් මට හිමි වේවා //
No comments:
Post a Comment