Wednesday, February 1, 2017

හිමාලෙට වඩා උසයි - ජූඩ් Rogans

හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ...////
හිමාලෙට වඩා උසයි

දරදඬු හිත මගේ අයාලෙ ගිය දිනේ
කඳුලැල් මොනතරම් පිරුනද ඔය නෙතේ
ඒ ඔවදන් මා සුමඟට ගෙන මිස නෑ හැර ගියේ
අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

හිමාලෙට වඩා උසයි...

කරදර ආ මගේ නොබියව ලඟ හිදී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

හිමාලෙට වඩා උසයි...


Thathsayura Wenuwen Kavindu Nirmal

මට මෙන් ඔහුටද කඳුල ඔබයි - මිල්ටන් මල්ලවආරච්චි

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි //

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද.......

කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි

මට මෙන් ඔහුටද....... //

අන්සතු වී ඇත මා සතු ඒ සිත - මිල්ටන් මල්ලවආරච්චි

අන්සතු වී ඇත මා සතු ඒ සිත 
ආදර රජ දහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැදුනේ

කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක 
නොදොඩා සැගවී ඉන්න එපා 
සිතුනේනම් යලි මාවෙත එන්නට 
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන්සතු වී ඇත........

යුගයක හසරැල් තව යුගයකදී 
දෙනෙතට කදුලැල් දෙන්නේනම් 
දෙතොලින් කීවද රුදිරෙන් ලී වද 
පල නැත සිත යලි නොබැදේනම්

අන්සතු වී ඇත........


Thathsayura Wenuwen Kavindu Nirmal

කදුපාර ඈත අයිනේ - මිල්ටන් මල්ලවආරච්චි

කදුපාර ඈත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඈසේවා
ජීවිතේ පුරා...

යාලුවී දෙවටේ එදා
කී කතා අසා...
පාළුවී හෑඩුවා සදා
මාරුතේ පවා...

කදුපාර ඈත......

ගං ඉමේ මාදං කෑලේ
පාසෑලේ පුරා...
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා...

කදුපාර ඈත......


Thathsayura Wenuwen Kavindu Nirmal

කදුළු බිදුවක් - රුවන් හෙට්ටිආරච්චි

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස 
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....

කදුළු බිදුවක්.......

සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත්  ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස 
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා....

කදුළු බිදුවක්.......


Thathsayura Wenuwen Kavindu Nirmal

අපි කතානොකර ඉමු - ජනක වික්‍රමසිංහ

අපි කතා නොකර ඉමු 
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු 
එක මොහොතක්...
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....

අපි කතා නොකර හිඳිනා ටික දවසට 
මල් පිපී පරව යන අරුමේ 
ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ 
කෙලෙසද නෑවිත් ඉන්නේ...

අපි කතානොකර ඉමු....

අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට 
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ 
මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ 
කෙලෙසද නෑවිත් ඉන්නේ...

අපි කතානොකර ඉමු...


Thathsayura Wenuwen Kavindu Nirmal