අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු
එක මොහොතක්...
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ...
අපි කතානොකර ඉමු....
අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ...
අපි කතානොකර ඉමු...
Thathsayura Wenuwen Kavindu Nirmal

No comments:
Post a Comment