Thursday, May 25, 2017

පූජාසනයේ ඔබ හිඳුවා

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

පූජාසනයේ...

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ...

ගායනය - නන්දා මාලිනී
ගී පද - සුනිල් ආරියරත්න
සංගිතය - එච්.එම්. ජයවර්ධන

Saturday, May 20, 2017

රෑ සිහිනෙන් මා – Sanka Dineth

රෑ… රෑ සිහිනෙන් මා…
මායවේ පෑ
සේයාවි ඈ
ඈ මදහාස පා
දැහැනේ බිදී
ආදරේ පෑ…


ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…


ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…


සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සද්ද පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..


මා…මා දුටුවේ ඈ
ලෙලනා රුවේ
දසුනක් මැවේ…


ඒ…ඒ රැයම මා
සිටියේ නුඹේ
යහනේ ලදේ


ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…


ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….


සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සද්ද පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..


ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….


ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….


සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සද්ද පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..


සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සද්ද පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..


Wednesday, May 17, 2017

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

හමුවෙන්නට සමුගන්නට...

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කඳුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින //

ගායනය - රොෂාන් ප්‍රනාන්දු

Tuesday, May 16, 2017

ළඟින් මගේ ඔබ සතපා - චන්ද්‍රලේඛා පෙරේරා | Langin mage oba sathapa - Chandralekha Perera

ළඟින් මගේ ඔබ සතපා

හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ..//

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
ඔබේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා..
හදින් මගේ කතා කළා..

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ..
මගේ ආදරේ..

ළඟින් මගේ ඔබ සතපා..
හදින් මගේ කතා කළා..

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට
පුදා ආදරේ
ඔබේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බලා
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ

හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය - රූකාන්ත ගුණතිලක


මේ තරම් සියුමැලිද කළු ගල් - සුනිල් එදිරිසිංහ | Me tharam siyumelida - Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල් 

හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මේ තරම්...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා //

මේ තරම්...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රවි වසන්ත වෙල්ගම
සංගීතය : දර්ශන රුවන් දිසානායක


කඳුළු - කසුන් කල්හාර | Kandulu - Kasun Kalhara

ඊයේ ඇස් වල තිබු කඳුලූ

පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..

ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී... 
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..

ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක්... තිබුණා....

ගායනය - කසුන් කල්හාර
පද - අචල සොලමන්ස්
සංගීතය - රාහුල සමරනායක


කතරක තනි වී - මර්වින් පෙරේරා | Katharaka thani wee - Mervin Perera

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී

හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි... //
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී...

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු... //
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී...

ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා


Sunday, May 14, 2017

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ


නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ 
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙළූ පල මාවතේ
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් 

සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්

චොකලට් කෑල්ල මගේ

එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ


දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ

වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ

කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ

පංතිත් කට් කරලා ඉන්නේ ඇය බලන්න

අරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න


තිබුනට බූට් සොමිය මේ හද පිරේන්න


දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ


ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ


වියදම නෑ මචං ඩබල් වෙන්නේ


බූට් එකත් අමුතු ආතල් එකක්නේ


බූට් එකත් අමුතු ආතල් එකක්නේ

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ


ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

නුඹ ළඟ මගෙ හිත රැදුනාට - දින දින දින දැන් ගෙවුනාට

පණ නල වගේ - ඔබ ළඟ මගේ 

මගෙ හිත මගෙ හිත - තිබුනාද

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

පෙරවාගේ හවසට - හැකිවුනොත් දවසක

හමුවෙලා ලංවෙලා - ලංවෙලා

ඉන්නට දවසෙම ලංවීලා - ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

නුඹ නොමැතී දවසක - හෙට ඇවිත් කුමකට

වැලපිලා වැලපිලා - වෙන්වෙලා

බොරුවට කුමටද දුක්වීලා - නූපන් හෙට ගැන හිතලා

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

ආදරේම ගීතයක් වාගේ

වියෝවූ පසුවයි දැනෙන්නේ - Viyo u pasuwai danenne

වියෝවූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ 
සිනාවේ සරදම් 

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම් 

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම් 

--------------------------------------------------------------

පදරචනය - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ - Ran samanalayo punchi kakuliyo

රන් සමනළයෝ පුංචි කැකුළියෝ

දේදුන්නේ නැඟිලා 

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා


රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා 

මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා 

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා 

---------------------------------------------------------

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනු - සරත් ද අල්විස්
ගායනය - සුනිල් එදිරිසිංහ

හිරුගේ ලොවෙදී - Hirige loowedi

හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු

සදුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු.....

සෑකයේ වෙලීල උදයේ හවා
රෑකවල් නෑගේ අප වටා
ගොළු වී මුවා වී ඉමු.........

හිරුගේ ලොවෙදී .....

අදුරේ වෙලීලා රෑය සීතලේ
සිහිනේ වුනා වූ ලොවේ
මුමුණා සිනා සී ඉමු......


සඳලතා පායලා - Sandalatha paya

සඳලතා පායලා

මල් වැට ගාව හිමි මා උදේ
සුදුමල් තරුකා 
ඇගේ පරිවාර තරුවැල් වගේ 
සඳුට උපමා ඔබයි ලඳුනේ 
මටයි දැනුනේ ආදරේ 

මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ 
ඔබට රහසේ ප්‍රේමාදරේ 
මට දැනුණා රත්තරන්

වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා 
පෙම් කරන්නත් නෑ ප්රියේ පින් වාසනා 
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවම්දෝ රත්තරන්


රන් තාරකාවෝ - Ran tharakawo

රන් තාරකාවන් දිළෙන රැයේ

සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි

මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා
මේ හැටිම නපුරුයි කියා

රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා
මුළු රැයම ගෙවිලා ගියා


ඇහෙනවනම් හිත හඩන තරම් - Ahenawanm hitha hadana tharam

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත බැදිලා
ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ