Sunday, May 14, 2017

වියෝවූ පසුවයි දැනෙන්නේ - Viyo u pasuwai danenne

වියෝවූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ 
සිනාවේ සරදම් 

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම් 

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම් 

--------------------------------------------------------------

පදරචනය - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

No comments:

Post a Comment