Saturday, September 30, 2017

ඔබ ලඟින් ඉන්න බැහැනේ - ගයනි මදූෂා

ඔබ ලඟින් ඉන්න බැහැනේ ඇය ඔබ ලඟම නිසා
ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා
මගේ ආදරේ ඔයානේ එය දන්නවනේ ඔයා
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැති වෙලා

ඔබ නොදැක ඉන්න බැහැනේ තනිකමෙන් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුළු පිරෙනවා
මට නොදැක ඉන්න බැහැනේ තනිකමෙන් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුළු පිරෙනවා
සිත ඔබට දීලා මගේ තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා

ඔබ ලඟින් ඉන්න.....

මට කවුරුවත්ම නැහැනේ ඔබ විතරමයිනේ ඉන්නේ
ඔබ නොලැඛෙන බව දැනගෙන ආදරේ කරනවා //
මුලූ ලොවම මාගේ ඔබනේ මම නෙමෙයි ඔබගේ ලොකේ
මගේ හුස්ම යන තුරා ඔබ හට ආදරේනේ මා

ඔබ ලඟින් ඉන්න.....

ඔබ දකින්නට - සනුක වික්‍රමසිංහ

ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා 
කිමද මේ උමතුබව
නෙතු අතර නෙත් ඔබව සොයනා 
කිමද මේ සසල සිත

ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
අතරමං සිතුවිලි තුල
කිමද මේ සොදුරු බව
නැගෙන හසරැලි මහද උමතුව

ඔබ දකින්නට....

ආදරේ තරම නුඹ හට 
මහ මෙරක් වන් ජීවිතයට
එක්ව බැදී අප නොදුරින්
දුරින් දුර යන්නට ඔබේ තුරුලට

ඔබ දකින්නට.... //

දුකක් දැනෙන්න එපා - සදුන් පෙරේරා

දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා නොගැලෙපෙන බව කියා
ඔබ නැතත් අද එක දෙයක් මට හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම් ඔබත් අඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා

රන්ඩු කරලා දවස ගෙවලා බැනුම් අහගෙන මා
හිටියේ නිහඬව ආදරේ හින්දා
හොදින් ඇතිනනම් ඔයා කමක් නෑ මට සදා
ඔබ නැතත් අද එක දෙයක් මට හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම් ඔබත් අ~ඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා

වැරදි හැදිලා ඔබ එනතුරා මග බලන් ඉදලා
තවම නැහැ මට සැනසුමක් ලැබිලා
මැරෙන්නට කල් තියා දුටුවොතින් ඇති ඔයා

දුකක් දැනෙන්න එපා.....

ආශාවරී - කල්පන නයනමදූ

ආදර අඹරෝරේදී ඔබ මා මග හැර ගිය දා 
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා 
මේ සඳකැල්මවත් මගේ දුක දැක්කානම් එදා 
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා 

ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා 
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා 

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ 
උණුසුම විඳ විඳ සුවසේ පෙරලි හිඳ මා තුරුලේ 
හිනැහුණු තරමට ඔබගේ 
ගත මා ලග මුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ 

ආශවරී.....

අවරට යන හිරු සඳ වාගේමද මා දුටුවේ 
වෙරළට එන රල ආපසු යන බවවත් නෑ දුටුවේ 
පහසම පමණද පැතුවේ 
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ 

ආශාවරි....

ආදරෙයි වස්තු - දිමන්ක වෙල්ලාලගේ

දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා 
ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා 
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා 
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා 
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන් 
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා 
ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිවුනු 
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ 
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ 
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින් 
යහපත පතනෙමි සැමදා 
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා 

දුක දැනෙන අයුරු.....

නැතිවුනු ආදරයක් වෙනුවෙන් - සුජාතා අත්තනායක

 


නැතිවුනු ආදරයක් වෙනුවෙන් 
හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා 
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි //

සිතින් පලාගිය එක් ආදරයක් 
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
වෙත හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරෙයි //

ආයෙත් නොලැඛෙන ආයෙත් නොයෙනා 
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා 
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි //

සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි 
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි... ඔබට මම ආදරෙයි

සරාගයේ - සනුක වික්‍රමසිංහ

නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී තනිවුනා

කාමරේ මුළු පුරා නෙක සලූපිලි තනිවෙලා
මා සිතින් හඬනවා දෙස බල බලා
මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විදිනවා
නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ... ///

තහනම් දැන් මට ඔයාගේ - විරාජ් පෙරේරා

තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත් 
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්
පුලූවන්නම් තබමි කාලේ නවතලා

අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා

තහනම් දැන් මට ඔයාගේ....

ඇයිදෝ මේ බාදා අපි කාටත් නෑ වරදක් කරලා
මේ කදුලක් පාසා පෙම තව වැඩිවුණා
නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතුවෙයි කියා හිතන්නත් එපා සදාකල් මගේමයි ඔයා

ආදරයේ නාමෙන් මේතාක් කල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කවුරුත් නැහැ තේරුම් ගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ ඔබේ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
ඊතින් කිසිමදා වෙනස් වෙන්නෙපා සදාකල් මගේමයි ඔයා

තහනම් දැන් මට ඔයාගේ....
අපි ආයේ හමුවෙන්නේ....

මෙතුවක් දුර ගෙවලා - රොෂාන් ප්‍රනාන්දු

 


මෙතුවක් දුර ගෙවලා
මෙතකින් අපි දෙදෙනා
සමුගන්න නොවේ
මම පෙම් කෙරුවේ //

ඔබගෙන් ලද හසරැල් කදුලක් වී දෙනෙතින්
ගැලුවත් හොර රහසින් ඔබ නෑ මගෙ අසලින්
ඔබමයි තාම විමසන්නේ සත්තයි හිතින් මගේ

මෙතුවක් දුර ගෙවලා....

මගේ සෙනෙහේ මදි නම් අද ඇති තැන හොඳ නම්
අපේ ඇසුරට වැඩියෙන් ඔබ අද සතුටින් නම්
මම නෑ හිරිහැර කරන්නේ ඉන්නම් දුරින් ඔබේ

මෙතුවක් දුර ගෙවලා.... //

ඔයාට මාව එපා නම් - විරාජ් පෙරේරා

ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා 
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා 
ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා 
ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා 

ඉක්මන් වෙලා ආ දුර දිහා 
බැලූවත් හැරි නැවති සුසුමක් හෙලා 
කදුලක් දරා උන්නට වඩා 
තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා 
මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ 
හේතුවක් නොදනී මානේ ඔයා යන්නම ගියා 

ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා 
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා

කලබල වෙලා සිර කොට තබා 
පල නෑ බලෙන් ඔබව මා ලග තියා 
ඔබේ හදවතේ දැන් ඇති කෙනා 
එක්කම හොදින් ඉන්න මියැදෙන තුරා
මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ 
හේතුවක් නොදනී මානේ ඔයා යන්නම ගියා 

ඔයාට මාව එපා නම්.....