Saturday, September 30, 2017

ආශාවරී - කල්පන නයනමදූ

ආදර අඹරෝරේදී ඔබ මා මග හැර ගිය දා 
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා 
මේ සඳකැල්මවත් මගේ දුක දැක්කානම් එදා 
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා 

ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා 
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා 

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ 
උණුසුම විඳ විඳ සුවසේ පෙරලි හිඳ මා තුරුලේ 
හිනැහුණු තරමට ඔබගේ 
ගත මා ලග මුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ 

ආශවරී.....

අවරට යන හිරු සඳ වාගේමද මා දුටුවේ 
වෙරළට එන රල ආපසු යන බවවත් නෑ දුටුවේ 
පහසම පමණද පැතුවේ 
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ 

ආශාවරි....

No comments:

Post a Comment