Saturday, September 30, 2017

සරාගයේ - සනුක වික්‍රමසිංහ

නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී තනිවුනා

කාමරේ මුළු පුරා නෙක සලූපිලි තනිවෙලා
මා සිතින් හඬනවා දෙස බල බලා
මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විදිනවා
නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ... ///

No comments:

Post a Comment