තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්
පුලූවන්නම් තබමි කාලේ නවතලා
අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා
තහනම් දැන් මට ඔයාගේ....
ඇයිදෝ මේ බාදා අපි කාටත් නෑ වරදක් කරලා
මේ කදුලක් පාසා පෙම තව වැඩිවුණා
නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතුවෙයි කියා හිතන්නත් එපා සදාකල් මගේමයි ඔයා
ආදරයේ නාමෙන් මේතාක් කල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කවුරුත් නැහැ තේරුම් ගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ ඔබේ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
ඊතින් කිසිමදා වෙනස් වෙන්නෙපා සදාකල් මගේමයි ඔයා
තහනම් දැන් මට ඔයාගේ....
අපි ආයේ හමුවෙන්නේ....
No comments:
Post a Comment