Saturday, September 30, 2017

නැතිවුනු ආදරයක් වෙනුවෙන් - සුජාතා අත්තනායක

 


නැතිවුනු ආදරයක් වෙනුවෙන් 
හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා 
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි //

සිතින් පලාගිය එක් ආදරයක් 
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
වෙත හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරෙයි //

ආයෙත් නොලැඛෙන ආයෙත් නොයෙනා 
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා 
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි //

සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි 
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි... ඔබට මම ආදරෙයි

No comments:

Post a Comment