Sunday, January 15, 2017

ගීත දස දහස් ගණනක පදවැල්වලින් බලගැන්වීමට මා බලාපොරොත්තුවන මාගේ සයුරෙහි ප්‍රථම දිගහැරුම... සුනිල් එදිරිසිoහයන්ගේ මෙන්ම මාගේත් ඔබගේත් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා!!!

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

දෙසවන් සනහා
මා නැලවූ ඔබ
මියුරු මියැසියේ
අරුත් කියාදුනි
ඒ මියැසියෙ… අද
මා ගයනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

ඇසට අඩන්නට
කදුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා
දිරිය ලබා දුනි
ඒ දිරියෙන්…
ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

ගීත දස දහස් ගණනක පදවැල්වලින් බලගැන්වීමට මා බලාපොරොත්තුවන මාගේ සයුරෙහි ප්‍රථම දිගහැරුම... සුනිල් එදිරිසිoහයන්ගේ මෙන්ම මාගේත් ඔබගේත් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා!!!

No comments:

Post a Comment