තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම්… පුරනා….
මගේ ලයේ…එතී එතී…
රැයේ තනි මැකුවා…
හෙට නැතත් ඔබ නැති ලොවක්…
ඔබම සිත පැතුවා…
කදුලක් නැත ලෝකේ…
ඔබේ සිනා රැදෙනා…
ඔබ නෑ ලග මාගේ…
තනිවෙලා…මා සදා…
ඔබේ සුසුම්…
හුරු දෙතොල් ලග…
සීතලෙන් වෙලිලා…
ඔබේ නුවන් හෙට…ඔහු ලොවේ…
හිරුකිරණ වෙනවා…
ඔබ නැතී සන්තාපේ…
උහුලගන්නට බෑ…
තවමත් නෙතු මාගේ…
මග බලයි එනතුරා…
ඔබ යලිත්…
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම්… පුරනා….
-මිහිඳු ආරියරත්න-
Thathsayura wenuwen Kavindu Nirmal

No comments:
Post a Comment