Saturday, January 21, 2017

හවසක මා - ලහිරු පෙරේරා

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා…
විද සුන් වඩනා සිතකුත් නැතුවා..
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියල කදුළුත් ඇහුවා..
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

තත්සයුර වෙනුවෙන් කවිඳු නිර්මාල්

No comments:

Post a Comment