Sunday, January 22, 2017

සොඳුරු අතීතයේ - TM ජයරත්න

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති…
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති…//

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..

සොඳුරු අතීතයේ…

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති…
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති…

සොඳුරු අතීතයේ…

Thathsayura Wenuwen Kavindu Nirmal

No comments:

Post a Comment