Saturday, January 21, 2017

ළබැදියේ - ලහිරු පෙරේරා

ඔබ එන්න සුලගේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැගවිලා

ළබැදියේ… ළබැදියේ…
මා සිතින් සිරකලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ හිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා

ළබැදියේ…..

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළදා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුලගේ අප දමා

ළබැදියේ…..

තත්සයුර වෙනුවෙන් කවිඳු නිර්මාල්

No comments:

Post a Comment